May 19, 2024

නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) අමාත්‍යංශ 36ක් සඳහා ලේකම්වරුන් පත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශ 36ක් වෙනුවෙන් ලේකම්වරුන්ට පත්වීම් ලැබූහ. එම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.

එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

1 එන්. රූපසිංහ මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

2 මහාචාර්ය කේ. ලියනගේ මහතා - ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථීක කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය

3 ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය

4 එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා - ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යංශය

5  පී. එච්. ජේ. බී. සුගතදාස මහතා - ආහාර සුරක‍ෂිතතාව අමාත්‍යංශය

6 සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යංශය

7 ජේ. දඩල්ලගේ මහතා - බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යංශය

8 ඒ. එම්. ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

9 කේ. හෙට්ටිආරච්චි මහතා - නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය

10 ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය

11 ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය

12 බී. විජයරත්න මහතා - වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය

13 යූ. ආර්. සෙනෙවිරත්න මහතා - මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය

14 ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතා - ඉඩම් අමාත්‍යංශය

15 පී. එච්. එල්. විමලසිරි පෙරේරා මහතා - නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය

16 ඩබ්ලිව්. එෆ්. කමලිනී ද සිල්වා - අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය

17 එම්. අයි. එම්. රාෆික් මහතා - සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය

18  එල්. පී. ජයම්පති මහතා - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය

19  ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය

20 වී. සිවඥානසෝති මහතා - වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය

21 ආර්. නඩරාසා පිල්ලේ මහත්මිය - නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය

22 උපාලි මාරසිංහ මහතා - අධ්‍යාපන අමාත්‍යංශය

23  ජී. එස්. විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යංශය

24  ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය - සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය

25  ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහත්මිය - කාන්තා කටයුතු අමාත්‍යංශය

26  අබ්දුල් මජීඩ් මහතා - මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යංශය

27  එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය - සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

28  ඩී. නානායක්කාර මහතා - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය

29 ඩී. සරණපාල මහතා - ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යංශය

30  එච්. එම්. බී. සී. හේරත් මහතා - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යංශය

31  නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර රාජ්‍ය අමාත්‍යංශය

32  එස්. එස්. මියනවල මහතා - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

33  පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය

34  ඒ. පී. ජී. කිත්සිරි මහතා - ආරක‍්ෂක රාජ්‍ය අමාත්‍යංශය

35  ආර්. විජය ලෙච්චමී මහත්මිය - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය

36  එන්. ඩී. සුගතදාස මහත්මිය - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය

 

Rate this item
(0 votes)