May 19, 2024

හිටපු නියෝජ්‍ය ඇමති පොලිස් අත්අඩංගුවේ 

හිටපු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුලිප් විජේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මැතිවරණ දිනයේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

මේ අතර බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන කළේය.

Rate this item
(0 votes)