May 19, 2024

අරලිය ගහ මැදුරේ සත්තු පසුදාම විකුණලා

අරලියගහ මන්දිරයේ සිටි බව පැවසෙන පෝනියන් සිවු දෙනකු, කුකුළන් සහ හා පැටවුන් සමූහයක් හම්බන්තොට කුරුළු රක්ෂිතය බාරව සිටින පුද්ගලයකුගෙන් රුපියල් 80,000කට මිලට ගත් බව පිළියන්දල ව්‍යාපාරිකයෙකු වන අසංක ඉන්ද්‍රජිත් මහතා පවසයි.

අරලියගහ මන්දිරයේද සේවය කරන මාළඹේ පදිංචි අජිත් ගාල්ලගේ විසින් එම සතුන් සතුන් ප්‍රවාහනය කරන වාහනයකින් මාළඹේ ප්‍රදේශයට ගෙනැවිත් දුන් බවත් එම ස්ථානයේ සිට තම වාහනයෙන් තම ගොවිපොළට රැගෙන ගිය බවත් අසංක ඉන්ද්‍රජිත් මහතා පැවසී ය.

එම ගනුදෙනුව ජනාධිපතිවරණයට පසුදාම මාළඹේදී සිදු කර ඇති බව හෙළි වී ඇත. අක්කර 3 ක කැලෑ බද ඉඩමේ සුදු පෝනියෝ දෙදෙනෙක් හා දුඹුරු පෝනියෝ දෙදෙනෙක් සිටි අතර සතුන් බලා ගැනීමට තරුණයෝ දෙදෙනකුද සිටි බව වාර්තා වේ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාට ලැබුණු තොරතුරක් අනුව පොලිසියත් සමග පසුගිය ඉරිදා රාත්‍රියෙහි සතුන් බැලීමට ගියේය. 

එම අවස්ථාවේදී පොලීසිය කළ විමසීමකදී එම සතුන් පිළිබඳ හිමිකරු  ඉහත තොරතුරු සඳහන් කර ඇත.

ඡායා රූ - ලංකාදීප

Rate this item
(0 votes)