May 19, 2024

කේ.පීට එරෙහිව ජවිපෙන් පෙත්සමක්

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වි සිටි බව කියන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගෙන අධිකරණයක් හමුවට පමුණුවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (19) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
 
කේ.පී ලෙස නම්  කිහිපයකින් පෙනී සිටිමින් කොටි සංවිධානයට අවි සැපයූ ප්‍රධාන පුද්ගලයා වේ.
 
මහින්ද රාජපක්ෂ රජයෙන් ඔහු මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. දැන් ඔහු මුලතිව්හි ළමා නිවාසයක් පවත්වාගෙන යයි.
 
පොලිස්පති, යුද හමුදාපති, ආරක්ෂක ලේකම් සහ ආගමන විගමන පාලක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
 
Rate this item
(0 votes)