May 19, 2024

හොරු විදෙස්ගත වුවත් ලංකාවට ගේනවා - අධිකරණ නියෝජ්‍ය ඇමති

හොරු වංචාකරුවන් විදෙස් ගත වුව ද ඔවුන් ආපසු ලංකාවට ගෙන්වා ගැනීමට හැකි බවත් ඒ සඳහා යාන්ත්‍රණයක් තිබෙන බවත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ ය.

ඉකුත් දා අරලියලගහ මන්දිරයේ දී පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී දූෂණය සහ හොරකම පිළිබඳ සාකච්ඡා කළ බව ද හෙතෙම සඳහන් කළේ ය.

මේ සම්බන්ධව පක්ෂ නායකයන් එකතුව දැනටමත් කමිටුවක් පත් කර ඇති බවත් රජයේ මුදල් වංචා කිරීම් පිළිබඳ, සමෘධි මුදල් වංචා කිරීම පිළිබඳ, මැතිවරණ කටයුතු සඳහා මුදල් යෙදවීම පිළිබඳව ද මෙහි දී සොයා බලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

වසර 10 ක් සිදු කළ සොරකම් දින 100 න් ඇල්ලීම සඳහා ඉතා ඉක්මනින් වැඩ කිරීමට සිදුවන බවත් දූෂණ, සොරකම්, වංචා පිළිබඳ ජනතාව දන්නා තොරතුරු ඉදිරිපත් කිරීමට දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)