May 19, 2024

අදත් ඔරලෝසු කන්ටේනර් දෙකක් සොයාගනී

වීරකැටියේ නිවෙසකින් තවත් බිත්ති ඔරලෝසු ලොරි දෙකක් හමුවී තිබේ. 
 
අද(19) පෙරවරුවේ ලද තොරතුරකට අනුව එම නිවස වටලා අදාල ඔරලෝසු තොගය අත්අඩංඟුවට ගෙන ඇත. මීට පෙර මාබිම හෙයියන්තුඩුවේ වසා තිබු ගබාඩවක තිබී හැටපන්දහසකට වැඩි බිත්ති ඔරලෝසු තොගයක් හමුවිය. 
 
බිත්ති ඔරලෝසුවල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂගේ රුවද මුද්‍රණය කර තිබිණි. අද හමුවූ බිත්ති ඔරලෝසු තොගයද ඡන්දය පැවැති සමයේ බෙදන්නට ගෙන ආ ඒවා විය හැකියැයි වාර්තා වේ.
Rate this item
(0 votes)
Last modified on Monday, 19 January 2015 13:05