May 19, 2024

දිවිනැගුමේ ලිපිගොනු ලොරි 5ක් පොළොන්නරුවේ

මැතිවරණ සමයේ දිවි නැගුම වැඩසටහනට අයත් ලිපිගොනු තොගයක් පොළොන්නරුව ගැමිදිරිය යළි පිබිදෙමු නව නගර කාර්යාලයට ගෙන ගොස් සඟවා ඇති බව වාර්තා වේ.

මෙම ලිපි ගොනු තොගය ලොරි රථ 5ක් මගින් කොළඹ සිට පොළොන්නරුව මෙම කාර්යාලයට ගෙන ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

මේවන විට එම ලිපිගොනු පොහොර මළුවල බහා ගබඩා කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

පොළොන්නරුව ගැමිදිරිය යළි පිබිදෙමු නව නගර කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත්තේ එස්. කේ ලියනගේ මහතායි. ඔහු උතුරුමැද පළාතේ ප්‍රදේශ රැසක දිවිනැගුම වැඩසටහනේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇත.

 

 

  

Rate this item
(0 votes)