May 19, 2024

ජනාධිපති ඒකකය පැමිණිලි දහස් ගණනන් යට ගහලා

ඉකුත් වසර කිහිපය තුළ ජනාධිපති විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි දහස්‌ ගණනක්‌ විභාග නොකර යට ගසා තැබීම පිළිබඳ වත්මන් රජය විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

ජනාධිපති විමර්ශන ඒකකය වෙත ලැබී ඇති පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක්‌ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සංස්‌ථා සභාපතිවරුන් හා ඒවායේ ක්‍රියාකාරීන්ට එරෙහි ඒවා බව එම විමර්ශන ඒකකය සඳහන් කරයි.

පසුගිය රජයේ හිටපු ඉහළ පෙළේ දේශපාලනඥයකු දිගින් දිගටම සිදුකළ බලපෑම් හේතුවෙන් මෙම පැමිණිලි විභාග නොකර යට ගසා තැබීමට සිදු වූ බව වාර්තා වේ.

මෙම තත්ත්වය මත ජනාධිපති විමර්ශනයට ලැබෙන පැමිණිලිවලින් පරීක්ෂණයට ලක්‌කරනු ලබන්නේ ගුරුවරයකු හෝ විදුහල්පතිවරයකු හෝ රජයේ සාමාන්‍ය නිලධාරියකුට විරුද්ධව ලැබෙන පැමිණිලි පමණක්‌ බව එම ඒකකය පෙන්වා දේ.

ජනාධිපති විමර්ශන ඒකකයට මෙසේ ඇඟිලි ගැසීම හේතුවෙන් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් දැඩි කලකිරීමට පත් ව සිටින අතර ජාතික හා ප්‍රාදේශීය දේශපාලනඥයන් මැදිහත් වී සිදුකළ ටෙන්ඩර් මගඩි, අල්ලස්‌ ගැනීම් ඇතුළු විවිධ අක්‍රමිකතා රාශියක්‌ මෙසේ යටපත් කර ඇතැයි වාර්ත වේ.

 

Rate this item
(0 votes)