May 19, 2024

ගෝඨාගේ නමින් කෝටි 720 ක ගිණුමක් - මුදල් ඇමති

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් මහතාගේ නමින් ලංකා බැංකුවේ ටැප්‍රොබේන් ශාඛාවේ , ගිණුමක කෝටි 720ක මුදලක් තැන්පත් කර තිබෙන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පැවසීය.

මුදල් ඇමතිවරයා එම තොරතුරු අනාවර්ණය කළේ , පුංචි බොරැල්ලේ ඊයේ (18) පැවති රැස්විමකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ විමසිමකදි ඔහු පවසා සිටියේ එවැනි ගිණුමක් නොමැති බවත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ එම බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යන බවත් එම ගිණුම පාලනය වන්නේ එම අමාත්‍යංශයේ ගණකාධිවරයා විසින් බවත්ය. මේ ගිණුම පිළිබඳ සත්‍ය හා සවිස්තර තොරතුරු අද (19) හෙළිකරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 January 2015 11:56