May 19, 2024

පාර්ලිමේන්තුව රැස් වෙන්නේ හෙටයි 

දින 100 වැඩපිළිවෙළ යටතේ අද (19) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ව තිබුණ ද එය හෙට (20) දිනයේ රැස්වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ හා සෙසු පුරවැසි සංවිධානවල නියෝජනත්වයෙන් යුත් ජාතික උපදේශක සභාව පත් කිරීම ඉකුත් 12 වැනිදාට සිදු කිරීමට නියමිත ව තිබූ අතර එය සිදු කර ඇත්තේ 15 වැනි දා ය.

මීළඟ දිනයේ දී ඉටු කිරීමට ඇති කාර්ය ලෙස 20 වැනි දා ස්ථාවර නියෝග සංශෝධනය කර පාර්ලිමේන්තුව න්‍යාය පත්‍රයේ ඇතුළත්ව ඇති පා.67/10 අංක දරණ යෝජනාවේ සඳහන් පරිදි අධීක්ෂණ කාරක සභා සඳහා සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කිරීම හා පක්ෂ නායකයන්ගේ එකඟත්වය ඇති ව සෑම පක්ෂයක්ම නියෝජනයවන පරිද ඒවායේ සභාපතිවරු පත් කිරීමට පියවර ගැනීමට නියමිත ව තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 January 2015 09:39