May 19, 2024

ජනපති මැදුරේ භාණ්ඩ සැඟවූ කන්ටේනර් දෙකක් හමුවෙයි

කොටුව ජනපති මන්දිරයෙන් ඉවත් කළ පුද්ගලික භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 2ක් පෑලියගොඩ - මීගමුව පාරේ ව්‍යාපාරික ස්ථානයකින් සොයාගෙන තිබේ. 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් භාවිතා කළ බව කියන ලී බඩු, සිහිවටන, ඇඳුම් ඇතුළු උපකරණ තොගයක් එහි වන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

ජනාධිපති මන්දිරයේ සිට මෙම කන්ටේනර් දෙක රැගෙන ආ බව ඒවා බාරව සිටි පුද්ගලයින් පවසා ඇති අතර එම කන්ටේනර් දෙකට පොලිස් ආරක්ෂාව යොදා ඇත. 

පැලියගොඩ මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (18) සවස 5.30ට මෙම සැක සහිත කන්ටේනර් 2ක සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

 

Rate this item
(0 votes)