May 19, 2024

කැටගොඩගේ මන්ත්‍රි ධූරය ෆොන්සේකාට

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එකඟතාවය පළ වී ඇති බව සඳහන්.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වීමත් සමඟ එම මන්ත්‍රී ධුරය ජයන්ත කැටගොඩ මහතාට හිමි විය. සරත් ෆොන්සේකා මහතා සිදුකළ ඉල්ලීමකට අනුව ජයන්ත කැටගොඩ මහතා තම මන්ත්‍රී ධුරය ඔහුට ලබාදීමට තීරණය කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බවට තහවුරු කළ පසුව එම මන්ත්‍රී ධුරය ලබාදීමට සූදානම් බව ජයන්ත කැටගොඩ මහතා වැඩි දුරටත් පවසයි.

Rate this item
(0 votes)