May 19, 2024

ගාලු වරායේ නැවකින් අවි ගබඩාවක් සොයා ගැනේ

අවි ආයුධපුරවා ඇති කන්ටේනර් රැසක් ගාලු වරායෙන් සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.'මහනුවර නෞකාව' නම් වූ නෞකාවේ තිබී මෙම අවි ආයුධ තොගය සොයාගෙන තිබේ.

ගාලු වරායේ නවතා ඇති සැක කටයුතු නැවක අවි ආයුධ තිබෙන බවට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම් සිදු කර ඇත.

මේ වන විට තොරතුරු වාර්තා වෙන්නේ එම නෞකාව පුද්ගලික ආරක්ෂක සේවා සමාගමක් විසින් කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බවය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 January 2015 19:24