May 19, 2024

වඳුරඹ හිටපු OIC ගෙන් පොලිස්පතිට ඉල්ලීමක්  

තමන් යළි සේවයේ පිහිටුවන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව පසුගිය දා සේවයෙන් ඉවත්ව ගිය හිටපු වඳුරඹ පොලිස් ස්ථානාධිපති ඩී.එල්. කීර්තිසිංහ මහතා පවසයි.

ඊට අදාළ අභියාචනයක් පොලිස්පතිවරයාට යොමු කළ බවත් දැනට පවතින වතාවරණය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ තම රාජකාරී ස්වාධීනව ඉටු කිරීමට හැකි වාතාවරණයක් පවතින බැවින් තමන් මෙම අභියාචනය ඉදිරිපත් කළ බවත් කීර්තිසිංහ මහතා පැවසී ය.

ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමක් සඳහා ඉදිකර තිබූ වේදිකාවකට ගිනි තැබූ සැකකරුවන් පිරිසක් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඩී.එල්. කීර්තිසිංහ මහතා පොලිස් සේවයෙන් ඉවත් වීමට තීරණය කළේ ය.

 

Rate this item
(0 votes)