May 19, 2024

මහින්ද බාලසූරිය රට යයි

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද (18) උදෑසන පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු රොටානා ගුවන් සේවයට ආර්.ජී. 402 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 20 වැනි දා අබුඩාබි සිට දිවයිනට පැමිණි මහින්ද බාලසුරිය මහතා ඊට පසු දින එනම්  21 වැනි දා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වශයෙන් වැඩ බාර ගත්තේය.

 

Rate this item
(0 votes)