May 19, 2024

ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් 6ක් නිදහස්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නිදහස් කර ඇතැයි වාර්තා වෙයි.

එලෙස නිදහස් කළ ලාංකික ධීවරයින් පිරිස ලබන 22 වන දා පැමිණීමට නියමිත බවත් එම ධීවරයින්ට අයත් යාත්‍රා දෙකක් ද මුදාහැර ඇති බවත් ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව තවදුරටත් ඉන්දීය අත්අඩංගුවේ සිටින්නේ, පසුගිය දා අත්අඩංගුවට ගැනුණු ලාංකික ධීවරයින් 6 දෙනා පමණක් බව ද සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතර මෙරට අත්අඩංගුවේ සිට නිදහස් කළ ඉන්දීය ධීවරයින් 15 දෙනා යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයකට භාර දී ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)