May 19, 2024

අළුත් අධ්‍යාපන ඇමතිට හිටපු ඇමතිගෙන් උපදෙස්

අධ්‍යාපන අමාත්‍යංශයේ තමා සිදුකළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ලෙස නව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (18) හෝමාගම ශ්‍රීලංනිප කාර්යාලයේදී පැවති රැස්වීමකදීය. 

තමා පැය බාගයක් නව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ කතා කළ බව ද නව අධ්‍යාපන අමාත්‍යවරයාට තමන් සුභ පැතූ බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

‘මා අධ්‍යාපන ඇමැති කාලේ අලුයම පහේ සිට රාත්‍රි දොළහ දක්වා වැඩ කළා.ඒ අමාත්‍යංශය හරි හරියට හැල හැප්පීම් තියෙන තැනක්.‘ යැයි බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා චීන රබර් - සහල් ගිවිසුම ගැන ආචාර්ය උපාධියකට ලිවීමට තමා දරු පවුලද සමඟ චීනයට ගිය බවත් එම ආචාර්ය උපාධියට ලියා අද අලුයම මෙරටට පැමිණි බවත් හිටපු අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය 12 වැනිදා චීනයට ගියේය.

 

Rate this item
(0 votes)