May 07, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

විකල්ප බලශක්ති ප්‍රභවයන් හේතුවෙන් රජය අසීරු තාවයක

රජයට විකල්ප බලශක්ති ප්‍රභවයන් සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැය කිරීමට සිදුවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

එවැනි තත්ත්වයක් තුළ පසුගාමීව පැවති මෙරට  බලශක්ති ප්‍රවර්ධනය යළි සක්‍රීය තලයකට රැගෙන ඒමට හැකිවීම රටක් වශයෙන් අප ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

දීර්ඝ කාලයකට පෙර සැලසුම් කරන ලද බලශක්ති ව්‍යාපෘති, යුද්ධය හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් නොකරන්නට අප තවමත් නව බලශක්ති ව්‍යාපෘති පිළිබඳව සිහිනය දකින්නන් පමණක් වන්නට ඉඩතිබූ බවද අමාත්‍යවරිය කියා සිටියාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ හයිඩ්‍රෝ ඒෂියා 2014 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. ‍

Rate this item
(3 votes)
Last modified on Tuesday, 11 March 2014 17:30