May 20, 2024

කළුතර ඡන්දයට මධ්‍යස්ථාන 633 ක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා කළුතර දිස්ත්‍රික් ඡන්ද මධ්‍යස්ථාන 633 ක් සූදානම් කර ඇති බවත් ඒ සඳහා නිලධාරීන් 10,000 ක් පමණ මැතිවරණ රාජකාරීවල යොදවන බවත් කළුතර දිසා ලේකම් යූඩීසී ජයලාල් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අදාල කළුතර දිස්ත්‍රික්කයේ රාජකාරියේ යොදවන පොලිස් නිලධරීන්ගේ සංඛ්‍යාව 2,500 කි.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් ඡන්ද දායකයෝ 897,349 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.

මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් රථ 72 ක් රජයේ වහන 345 ක් හා පුද්ගලික වාහන 140 ක් යොදා ගන්නා බව ද කළුතර දිසා ලේකම්වරයා සඳහන් කළේ ය.

ඉන් බස් රථ 65 ක්, කැබ් රථ 37 ක් වෑන් රථ 140 ක් ඡන්ද මධ්‍යස්ථනවලට නිලධරීන් හා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමටත් ඒවා ගණනය කරන මධ්‍යස්ථාන කරා නැවත ගෙන ඒමටත් යොදවන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

ජනාධිපතිවරණයට අදාල කළුතර දිස්ත්‍රික් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම් හා නැවත භාර ගැනීමත්, ඡන්ද ගණන් කිරීමත් කළුතර පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨයේ දී හා කළුතර මියුසියස් විදුහලේ දී සිදු කෙරේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 January 2015 10:10