May 20, 2024

සෙන්දිල් තොණ්ඩමන්ට එරෙහිව තැපැල් සේවකයින් උද්ඝෝෂණයක 

ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බළ කරමින් තැපැල් සේවකයින් පිරිසක් බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද(06) බදුල්ලේදී උද්ඝෝෂණයක නිරත වී තිබේ. 

ඇල්ල තැපැල් කාර්යාලයේ සේවකයකුට පහර දී රාජකාරීයට බාධා කළ බවට ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස හා වතු යටිතළ පහසුකම් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතාට චෝදනා එල්ල වී ති‍බුණි. 

මේ අතර ඊයේ(05) දිනයේදී සෙන්දිල් තොණ්ඩමන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය වරෙන්තුක්ද නිකුත් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 January 2015 16:39