May 19, 2024

රටේ තෘප්තිමත්ම ජනතාව රට විරුවන්

විදේශ ගත ශ්‍රී ලාංකිකයින් අද රට සුරක්ෂිතයි යන හැගීමෙන් තෘප්තිමත් වූ ජනතාවක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පැවසීය. හෙතෙම පෙන්වා දෙන්නේ එදා වසා දැමීමට නියමිතව තිබූ රාජ්‍ය ආයතන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම ඉදිරියෙන්ම තිබූ බවය.

සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා ඒෂියන් මිරර් සමග සාකඡචාවකට එක් වෙමින් මෙම අදහස් පළ කළේය.

එම සම්පූර්ණ සාකඡ්චාව පහතින්..

රටේ දේශපාලනික වෙනස්කම් විදේශ රැකියා ක්‍ෂේත්‍රයට මොන ආකාරයේ බලපෑමක්ද ඇති කළේ.

විවෘත ආර්ථිකයත් සමගින් විදේශ සේවා ක්ෂේත්‍රය ඝෘජුව පැවැතියේ පුද්ගලික අංශය සතුවයි. 1977 දී ආරම්භ වූ මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා 1985 දී රාජ්‍ය අංශය මැදිහත් වෙනවා. නමුත් රාජ්‍ය අංශයට එල්ල වූ විවිධ පීඩන නිසා 1993 වන විටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වසා දැමීමට නියමිතව තිබූ රාජ්‍ය ආයතන අතරින් ඉහළින්ම පැවැතියා. ඉන් පසුව ඇති වූ දේශපාලනික වෙනස්කම් තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උන්නතියට බලපෑවේ. එනම් එදා රජය යටතේ කම්කරු ඇමැතිවරයා ලෙස කටයුතු කල වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වගකීම බාර ගත්තා.

1977 දී විදේශ සේවාව ආරම්භ කළත් 1985 දී රජය මැදිහත් වෙලා ඊට පනත් ගෙනාවත් ඒ වෙනකම් නොතිබ්බ පුහුණුවක් ඇති කරමින් විදේශ ගත වන ශ්‍රමිකයා සූදානම් කිරීමකින් විදේශ ගත කළේ එදා කම්කරු ඇමති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතායි. කම්කරු අමාත්‍යාංශය යටතේ විදේශ සේවා සඳහා නීතිරීති සහ ලියාපදිංචියන් ඇති කරන්නත් පියවර ගන්නවා.

2010 වසරේ විදේශ සේවා සඳහා නව අමාත්‍යාංශයක් පිහිටුවනවා. මේ කුමක් සඳහාද?

එදා විදේශ සේවකයා කියූ ශ්‍රමිකයාට මුලින්ම රට විරුවා කියා ආමන්ත්‍රණය කළා. මේ අමාත්‍යාංශය යටතේ රට විරුවා ට නිසි ගෞරවය ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි සංවර්ධන ඉලක්කයන් සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළා. ඔහුන්ගේ නිවාස ප්‍රශ්න, විදේශ ගත වී ලංකාවට පැමිණි පසු ස්වංරැකියා පහසුකම්, ඔහුන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණුව, පෞද්ගලික රැකියා ආයතන නියාමනය, නව නීතිරීති වැනි දෑ ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම මේ රටේ පසුගිය කාලයේ විශාල විවාදාත්මක මාතෘකාවක් වූ කාන්තාවන් විදේශ ගත කරවීමට නව නීතිරීති හඳුන්වා දෙමින් ඔහුන්ගේ ප්‍රතිරූපය ගොඩ නැගුවා. අද අපේ රටෙන් විදේශ ගත වන්නේ පුහුණු සහ දැනුමින් පිරි ශ්‍රමිකයින්.

එළඹි 2015 වසර නම් කර තිබෙන්නෙ රට විරුවාගේ වසරලෙසින්නේද?

විශේෂයෙන් ගෙවී ගිය වසර අවසන් වන විට මේ රටේ බහුතරයක් පුද්ගලික විදේශ රැකියා ආයතන නියාමනය කර අවසන් කළා. ඔහුන් ඇගයීමට ලක් කර ලියාපදිංචි කර සම්මානයන්ට පවා පාත්‍ර කරමින් කටයුතු කළා. ඉතින් මේ වසරේ රට විරුවාට හිතකර පරිසරයක් මේ රට තුළ බිහි කරලා තිබෙනවා. මෙතෙක් නොතිබුණ විශාම වැටුපක් පවා අද ඔහුන් වෙනුවෙන්  හිමි කර දී තිබෙනවා. රට සුරක්ෂිත කිරීමේ උපරිම තෘප්තිය ලබන්නේ රට විරුවන්. අදත් ඔහුන් කියන කාරණයක් තමයි ඔහුන්ට වෙන රටකට වී හිත හදාගෙන රැකියාව කරන්න පුළුවන් ආකාරයේ සැනසිල්ලක් අද ලංකාව තුළ තිබෙනවයි කියන කාරණය. අද රට සුරක්ෂිතයි කියන හැගීම තුළින් තෘප්තිමත් වී සිටින්නේ රට විරුවන් කියන දේ මම යළිත් කියන්නේ ඒ නිසයි.

Rate this item
(0 votes)