May 19, 2024

පැල්මඩුල්ලේ වේදීකාවට ආ මෛත්‍රීට ප්‍රහාරයක්

පැල්මඩුල්ල නගරයේ දී ජන හමුවකට සහභාගී වෙමින් සිටි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වේදීකාවේ සිටියදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.
සිරිසේන මහතා කතාව ඇරැඹීමත් සමඟ ඒ අසළ තිබූ ගොඩනැගිල්ලක සිට වේදිකාව දෙසට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.
සිරිසේන මහතා ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගිය බවත්, රැස්වීමට පැමිණ සිටියවුන්ට තුවාල සිදුවීදැයි පොලිසිය සෝදිසි කරමින් සිටින බවත් වාර්තා වේ.
 

Rate this item
(0 votes)