අමාත්‍යවරුන් පත් කරන්නේ එක් ආගමකට හෝ ජාතියකට සේවය කිරීමට නොව මුළු මහත් ජනතාවටම සමානව සේවය කිරීමට බව ජනපතිවරයා සඳහන් කළේය.
රටේ පැවැති අඳුරු යුගය ඇතැමුන්ට අමතක වී ඇති අතර ජනතාවට ඒ යුගය හොඳින් මතක බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මන්නාරමේ පැවැති සන්ධාන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පැවසීය.
කවුරුන් පැති මාරු කළත් තමන් නිරතුරුම ජනතාවගේ පැත්තේ බවත් ජනපතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.