May 19, 2024

නව පාසැල් වාරය 05 වැනිදා

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල් ලබන 12 වැනිදා යළි විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරයි. සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම් සිදුකරන පාසල් 6 වැනිදා සිට 9 වැනිදා දක්වා වසා තැබෙන අතර 12 වැනිදා පළමු පාසල් වාරය සඳහා විවෘත කෙරෙනු ඇති.
මේ අතර අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා පාසල් ලබන 11 වැනි දින සිට 15 වන දින දක්වා වසා තැබෙන අතර එම පාසල් නැවත විවෘත වන්නේ ලබන16 වැනි දින බවත් සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම් සිදුකරන පාසල් සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලු පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ලබන පස් වැනිදා ආරම්භ වෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේ පාසල් 68 ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් සඳහා යොදාගෙන ඇති බවයි.
ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙන්ම පාසල් ගොඩනැගිලි රැසක් යොදා ගන්නා බැවින් ලබන 7,8 සහ 9 යන දිනවල එම පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

Rate this item
(0 votes)