May 19, 2024

අද රෑ වතුර නෑ

කැස්බෑව නගරසභා බල ප්‍රදේශය, 120 බස් මාර්ගයේ පිළියන්දල සිට වේරහැර මංසන්ධිය දක්වා ප්‍රදේශය සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය කියා සිටියි.

ඒ අනුව අද රාත්‍රී මෙලෙස එම ප්‍රදේශ වෙත ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ. අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පැය 8 ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම නතර වෙනු ඇති.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 January 2015 13:58