June 29, 2024

මෙරට "රෝ" ප්‍රධානියාට ඉන්දියාවෙන් හදිසි කැඳවීමක් 

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා හා එම පක්‍ෂ කණ්‌ඩායම් සමග පැවැත්වූ සබඳතාවන් නිසා මෙරට "රෝ" ඔත්තු සේවයේ ප්‍රධානියා නැවත දිල්ලියට කැඳවා ඇති බව වාර්තා වේ.

කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයේ "රෝ" ඔත්තු සේවයේ ප්‍රධානියාට ස්‌ථාන මාරුවක්‌ ලැබී ඇති බව මීට පෙර මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

"රෝ" ඔත්තු සේවයේ ප්‍රධානියාගේ ක්‍රියාකලාපය පිළිබඳව රජය ඉන්දීය බලධාරීන් දැනුවත් කර තිබේ.

මේ බව ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් මහතාට දැනුම් දී ඇත. 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 January 2015 09:27