May 19, 2024

තිස්ස අත්තනායකගෙන් රහස් පොලීසිය ප්‍රශ්ණ කරයි

December 30, 2014

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන අතර රහසිගත ගිවිසුමක් අත්සන් කළ බවට සිදුකළ ප‍්‍රකාශයට සම්බන්ධයෙන් හිටපු එජාප මහ ලේකම්, සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගෙන් රහස් පොලිසිය අද (30) ප‍්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මේ පිළිබඳව පොලිස්පතිවරයාට සිදුකළ ලිඛිත පැමිණිල්ලට අදාළවයි. 

කොළඹ පිහිටි තිස්ස අත්තනායක මහතාගේ නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායමක් පැය එක එමාරක් පමණ ප්‍රශ්න කළ බව ද පොලිසිය පැවසීය.

මීට පෙර විපක්ෂ නායකවරයාගෙන් සහ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගෙන් රහස් පොලිසිය මේ පිළිබඳ ප‍්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තා වේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඒ ගිවිසුම බොරුවක් බව ප්‍රකාශ කරමින් තිස්ස අත්තනායකගෙන් රුපියල් කෝටි 250ක් ඉල්ලා එන්තරවාසි යවා ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 December 2014 16:25