May 19, 2024

“කැෆේ” මැතිවරණ පැමිණිළි 819 ක් වාර්තා කරයි

December 30, 2014

අද දින(30 ) මධ්‍යහ්න 12  දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 819   ක් බව එම සංවිධානය පෙන්වා දේ. එයින් 71 ක් ප්‍රචණ්ඩ ක්‍රියා වන අතර 748  ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වෙයි.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන රැසක අනියම් සහ තාවකාලික සේවයේ නියුතු දින 180 සම්පුර්ණ සේවකයින් සේවයේ ස්ථිර කරන බවට පොරොන්දු වී මැතිවරණ ප්‍රචාරණයේ යොදවා තිබෙන බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අතරින් ඇතැම් සේවකයින් සඳහා සම්මුඛ පරීක්ෂණ ද පවත්වා ඇති බවද පෙන්වා දේ.

තවද ගොඩකවෙල පොලිසියේ ස්ථානාධිපති වරයා අපේක්ෂකයෙකු වෙත සහය පළ ක‍රන ස්ටිකර් නගරයේ ත්‍රීරෝද රථවල අලවන බව කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇත.

මෙම පොලිස් නිලධාරියා තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගේ සහය ඇතිව නගරයේ ත්‍රී රෝද රථවල එකී අපේක්ෂකයා ප්‍රවර්ධනය කෙරෙන ස්ටිකර් අලවා තිබෙන බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)