June 29, 2024

ඔබ සැමට සුබ නත්තලක් වේවා

December 24, 2014

නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථානවල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus) හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි.

ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූලව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ.

ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම්වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලබන්නකි. එය මුලු ලොව  පුරාම පවත්වන උත්සවයකි.

නත්තල යන වචනය Natal යන ප්‍රෘතුගීසි වදනින් බිඳී සිංහලයට පැමිණ ඇත. විවිධ සංස්කෘතීන් සහ සමාජ විසින් විවිධ දිනවල නත්තල සමරනු ලබයි. ග්‍රෙගරි දින දසුන අනුව ඒම දින පහත පරිදි වේ.

  • ජනවාරි 6
  • ජනවාරි 7
  • ජනවාරි 19
  • දෙසැම්බර් 25

මේ අනුව අපේ රටේ ද දෙසැම්බර් 25 වැනිදා ට හෙවත් හෙට දිනයේදී මෙකී නත්තල් උත්වසය සමරනු ඇති. මේ අසිරිමත් නත්තලේදීත් රටට සහ ජනතාවට සාමය හා සතුට පිරි සුබ නත්තලක් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 December 2014 11:05