May 03, 2024

ජනපති පීඩාවට පත් ජනතාව ගැන සොයා බලයි

December 21, 2014

පසුගිය දිනවලසිට මේ දක්වා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ත්‍රීකුණාමලය, පුත්තලම මන්නාරම, මාතලේ වව්නියාව, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව සිටියි.

අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇති දිස්ත්‍රික්කවල ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටින අතර තුර එම දිස්ත්‍රික්කවල ජනතාවගේ තත්ත්වය පිළිබඳව පෞද්ගලිකවම සොයා බලා ඇති බවද වාර්තා වෙයි.
එම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සහන කටයුතු පිළිබඳව සොයා බැලූ ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයාට උපදෙස් ලබා දීතිබේ.

එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට, ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇත්තේ එම ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Rate this item
(0 votes)