May 02, 2024

මුදල් අරන් වැඩ නොකරන සංවිධායකවරු ගැන චෝදනා

December 21, 2014

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එහි ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ ආසන සංවිධායකවරුන් වෙත ලබා දී තිබෙන මුදල්වලින් බලාපොරොත්තුවන මට්ට්මේ ප්‍රචාරණයක් සිදු නොවන බවට ඇතැම් ආසන සංවිධායකවරුන්ට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව වාර්තා වෙන්නේ මෙම ඇතැම් ආසන සංවිධායකවරුන් විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලබා දෙන මුදල් වියදම් නොකර හා ප්‍රචාරණ කටයුතු සිදු නොකර හිඳිමේ සිදු වීම් වාර්තා වී ඇති බවයි.

මෙලෙස ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් රජයේ ආසන සංවිධායකවරයෙකු සඳහා රුපියල් ලක්ෂ 250 කට ආසන්න මුදලක් ලබා දී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු සඳහා ජනාධිපතිවරණය වෙනුවෙන් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 December 2014 13:24