May 03, 2024

රාජ්‍ය මාධ්‍ය සඳහා නිසි බලධාරියෙක් - මැකෝ

December 21, 2014

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නිසි බලධාරියෙකු පත් කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සූදානමකින් පසු වන බව වාර්තා වේ.

ඒ රාජ්‍ය මාධ්‍ය ආයතනයන් තුළින් මැතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රචාරණ කටයුතු සිදු වෙන බවට මැතිවරණ නිරීක්ෂකයින් විසින් පැමිණිළි කර තිබීමේ පසුබිමක් යටතේ බවත් සඳහන් වෙයි.

නමුත් මේ සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතිමය ඉඩ ප්‍රස්ථා නොමැති බවත් වාර්තා වේ.

කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස්වරයා අපේක්ෂා කරන පරිදි ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසී තිබූණ හොත් ඉදිරි දින දෙක තුළදී මෙලෙස රාජ්‍ය මාධ්‍ය ආයතනයන් සඳහා නිසි බලධාරියෙකු පත් කෙරෙනු ඇති.

Rate this item
(0 votes)