May 03, 2024

හම්බන්තොට දේශපාලන නායකයෙක් පහරදුන්නා - පොලිසියට පැමිණිල්ලක්

December 21, 2014
හම්බන්තොට ප්‍රාදේශීය දේශපාලන නායකයෙක්  ඇතුළු පිරිසක් හම්බන්තොට නගරයේදී වීදියේ විරෝධය  කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කළ බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.ප්‍රහාරයෙන් හම්බන්තොට නගරසභාවේ වික්ෂ නායක ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා සිටිති.විපක්ෂ නායක හම්බන්තොට රෝහලට ඇතුළත් කොට ඇති බවත් සඳහන්ය.කලාකරු ජයතිලක බණ්ඩාරද තුවාල ලබා තිබෙන අතර ඔහු දිස්ත්‍රික්කයෙන් පිටත වෙනත් රෝහලකට ඇතුළත් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
 
හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුත් ඛාන් මහතා සඳහන් කළේ පොලීසිය බලා සිටියදී පහර දුන් බවය.මේ අතර  හම්බන්තොට හම්බන්තොට ප්‍රාදේශීය දේශපාලන නායකයා ද පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
 
"වැඩසටහනකට යන ගමන් මම හිටියේ. මම දැක්කා හම්බන්තොට විපක්ෂ නායක ඉන්නවා. එතුමා මට එතනට කතා කළා. මේ වැඩසටහන කරන්න බලපත්‍රයක් අරගෙන තියෙනවද කියලා ඇහුවම ඒ අය අපිට ගහන්න ආවා. ආරවුල විසඳන්න මම හැඳුවේ. මගේ අතේ තිබුණ ලක්ෂ 3.5ක ඔරලෝසුවත් නැතිවුණා. මම කිසිම විදියකින් පහර දුන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිල්ලක් කළා. මටත් සීරීම් තුවාල සිදුවෙලා තියෙන්නේ."යැයි ප්‍රාදේශීය දේශපාලන නායකයා මාධ්‍ය වෙත පැවසිය.පැවැසීය.
 
 
 
Rate this item
(0 votes)
Last modified on Sunday, 21 December 2014 17:34