May 02, 2024

ප්ලොට් සහ ටෙලෝ සහය ආණ්ඩුවට 

December 21, 2014

ප්ලොට් සහ ශ්‍රී ටෙලෝ සංවිධාන වල පූර්ණ සහය මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන බව එජනිස මහ ලේකම්, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) වවුනියාවෙදී ජනාධිපතිවරණය සදහා මෙහෙයුම් කාර්යාලයක් වවුනියාව - නුවර පාරේ තේක්කවත්ත ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පෙර මැතිවරණ වලදී නාමයෝජනා බාරදීමට යුදටැංකි වල ආධාරයෙන් වවුනියාවට පැමිණි බව සදහන් කළ අමාත්‍යවරයා විශාල පිරිසකට යළිත් එවැනි තත්ත්වයක් ඇතිකිරීමට වුවමනාවක් ඇති බවද කියා සිටියේය.

දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)