May 17, 2024

පුත්තලම යටවෙයි - සහන සේවා ක්‍රියාත්මකයි

December 21, 2014

දින 02 පමණ කාලයක් පුරා ඇද හැලෙන වර්ෂාව නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යට වී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි. 

ඒ අනුව පුත්තලම, නවගත්තේගම, කරැවලගස්වැව, මුන්දලම යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වැව් රැසක් පිටාර ගැලීමෙන් මෙම ජල ගැලීම් ඇතිවී ඇති බවත් තවමත් විපතට පත් පවුල් ප්‍රමාණය ගණනය කර නොමැති බවත් ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි .

පුත්තලම - කොළඹ මාර්ගය ස්ථාන කිහිපයක් ඡලයෙන් යටවී ඇත. තබ්බෝව ජලාශය වාන් දොරටු විවෘත කිරීමෙන් පිඩාවට පත් ජනතාව මුදා ගැනීමට නාවික හමුදා නිළධාරින් සහය ගෙන තිබේ.

පුත්තලම - ජූඩ් සමන්ත

Rate this item
(0 votes)