May 17, 2024

ජනවාරි 08න් පසු පෙට‍්‍රල් හා ඩීසල් බදු අහෝසියි - චම්පික කියයි

December 21, 2014

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරය යටතේ ජනවාරි 8 වැනිදායින් පසු පෙට‍්‍රල් හා ඩීසල් බදු අහෝසි කරන බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.

මේවන විට පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 52/- ක බදු මුදලක් අය කරයි. ඞීසල් ලීටරයකින් අය කරන බද්ද රුපියල් 17/- කි. ලබන ජනවාරි 8 වනදා පිහිටු වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය අනුව පෙට‍්‍රල් හා ඩීසල් බදු ඉවත් කෙරෙන බවත් එමගින් රටේජනතාවට සහන රැසක් හිමිවන බවත් චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකාව වර්තමානයේ පාලනය කරන්නේ පංච පාප බලවේගයි. ඒවා පරාජය කිරීම කාලීන අවශ්‍යතාවක් බව රණවක මහතා පෙන්වා දෙයි. කැසිනෝ, ඉන් එක් පාප බලවේගයකි. කොළඹින් කැසිනෝ ඉවත් කිරීමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදුන්නේය. කැසිනෝ හේතුවෙන් ඇතිවන ගැටඵ රැසක් විසඳීමට එමගින් හැකිවීම ඊට හේතුවයි. එහෙත් වත්මන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා අවධාරණය කරයි. 

 

Rate this item
(0 votes)