May 17, 2024

මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයන් තිදෙනකු අත්අඩංගුවට 

December 21, 2014

වඳුරඹදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සිටි සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයෙන් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයන් තිදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මහතා සඳහන් කළේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනෙකු පැහැරගෙන යාමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය දා ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක් සඳහා වඳුරඹ ඉදිකර තිබූ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගේ ආධාර අනුබල මත පැහැරගෙන ගොස් තිබූ බව පරීක්ෂණවලදී ආනවරණය විය.

පසුව සැකකරුවන් තිදෙනා යළි පොලීසිය භාරයට ගෙන අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

 

Rate this item
(0 votes)