June 29, 2024

තිස්ස නික්ම යයි-මධ්‍යම සටන තීරණාත්මකයි

December 09, 2014
එජාප මහා ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් වෙන්වීමත් සමග ජනපතිවරණයේ මධ්‍යම සටන ජනාධිපතිවරයාට තවත් වාසිසහගත වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතයයි.එහෙත් එජාපය සඳහන් කළේ තිස්ස අත්තනායක මහතාට මහනුවර ඡන්ද පදනම අහිමිවී කාලයක් ගතවන බවය.අද අප විමසා බලන්නේ මධ්‍යම පළාත් ඡන්දය සම්බන්ධවය.
 
මධ්‍යම පළාත මහනුවර ,මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙන් සමන්විතය.මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දස ලක්ෂ හතලිස් නවදහස් එකසිය හැටක් (1,049,160)ඇති අතර මාතලේ තුන් ලක්ෂ හැත්තෑ නව දහස් හයසිය හැත්තෑ පහක ඡන්ද ප්‍රමාණයක් තිබේ.නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන පන්ලක්ෂ තිස් හතර දහස් එකසිය පනහකි(534,150).
ලංකාවේ වැඩිම ඡන්දදායකයන් සිටින ආසනය අයත් වන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයටය.ඒ නුවරඑළිය-මස්කෙළිය ආසනයයි.එහි මෙවර ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 302,836කි.
 

මධ්‍යම පළාත- මහනුවර  දිස්ත්‍රික්කය

මෙම දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි මුලු ඡන්දදායකයන් ගණන 1,049,160කි.2013 වසර වනවිට මෙහි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 1,028,137ක් පමණි.
ගලගෙදර   54,214
හාරිස්පත්තුව  57,463
පාතදුම්බර  85,375
උඩදුම්බර 58,637
තෙල්දෙණිය 47,685
කුණ්ඩසාලේ 94,870
හේවාහැට 69,243
සෙන්කඩගල 81,149
මහනුවර  49,020
යටිනුවර 80,420
උඩුනුවර 82,289
ගම්පොල 102,219
නාවලපිටිය  95,567

 

මධ්‍යම පළාත- මාතලේ  දිස්ත්‍රික්කය

මෙම දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි මුලු ඡන්දදායකයන් ගණන 379,675කි.2013 වසර වනවිට මෙහි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 373,302ක් පමණි.
දඹුල්ල  131,831
ලග්ගල 70,323
මාතලේ  84,225
රත්තොට  93,296
 

මධ්‍යම පළාත- නුවරඑළිය  දිස්ත්‍රික්කය

මෙම දිස්ත්‍රික්කයේ මෙම මැතිවරණයට සුදුසුකම් ලබා ඇති ලියාපදිංචි මුලු ඡන්දදායකයන් ගණන 534,150කි.2013 වසර වනවිට මෙහි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 527,253ක් පමණි.
නුවරඑළිය-මස්කෙළිය  302,836
කොත්මලේ 78,068
හඟුරන්කෙත  71,053
වලපනේ 82,193
 
(උතුරුමැද  පළාතේ ඡන්දදායකයන්ගේ තොරතුරු හෙට බලාපොරොත්තුවන්න)
(සටහන- මහේෂ් බණ්ඩාර)
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 December 2014 14:36