May 20, 2024

ඇමති මහින්දානන්දට කතා කළේ කවුද?- මෙන්න රන්ජන්ගෙන් පිළිතුරු

December 05, 2014

 දෙරණ වාදපිටිය වැඩසටහනේදී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට කේන්ති ගියේ මාතර සුනිල් සමග ද නැතහොත් ෆයිල් ඇතැයි කියන ජනාධිපතිතුමා සමග ද යන්න ප්‍රශ්නයක් බව චෝදනාවට ලක්ව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී අපහාස කළ බවට වන චෝදනාව පිළිබඳව 'ඒෂියන් මිරර්' කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිම් එකයි ෆෝන් එකයි මගේ කියලා කියන්නේ පොලිසිය නිසා ඔවුන්ටම එය ඔප්පු කිරීමට සිදුවන බවය.

"ඔහු නමක් කියන්නේ නෑනේ. ඒක අහපු ගමන්ම ඇමතිතුමාට කේන්ති යනවානේ. ඒ කේන්ති ගියේ මාතර සුනිල් එක්කද, ෆයිල් තියෙනවා කියන ජනාධිපතිතුමා එක්කද කියලා අපි දන්නේ නෑ. ඔහු නැගිටලා යනවා. එතන හතරදෙනෙක් ඉන්නවා.එහෙම ඉද්දී මෙතන එක්කෙනක් ඉන්නවා කියලා විතරයි කියන්නේ. ඒ ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව කියලා තිබුණා, නම් ගම් එක්ක කඩුවෙල උසාවියේ නඩුවක් තියෙනවා කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මාතර සුනිල් කියන්නේ කවුද කියලා." යයිද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Rate this item
(3 votes)
Last modified on Saturday, 06 December 2014 12:55