May 20, 2024

නිළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රහස්‍ය අංශයේ ප්‍රධානියාට හදිසි මාරුවක්

December 05, 2014

රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයේ සේවය කළ කේ.ඒ.පී.කේ.ජයවර්ධන මහතා 2014 දෙසැම්බර් මස 2 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොත් බැදුම් අංශයට මාරු කර යවා ඇති බව මේ වන විට වාර්තා වෙයි.

ඒ වෙනුවට රහස්‍ය අංශයේ ෆෝමන්වරයා වශයෙන් කටයුතු කිරිමට පත් කොට ඇත්තේ වත්මන් රජයට සම්බන්ධ රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැදවුම්කරු ද වන එම්.ඩී.ආර්. අතුල මහතා ය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භවීමට දින කිහිපයක් තිබිය දී රහස්‍ය මුද්‍රණ අංශයේ ෆෝමන්වරයාට ස්ථානමාරුවීම් ලබාදීම සැක සංකා ඇති කරන තත්වයක් බව සඳහන් වේ. පසුගිය පළාත් සභා මැතිවරණ 3 ක දී රහස්‍ය අංශයේ ෆෝමන්වරයා වශයෙන් ජයවර්ධන මහතා විශ්වසනීය රාජකාරි කටයුතු සිදු කළ අයෙක් බවත් වාර්තා වෙයි.

මේ පිළිබද අවධානය යොමු කරන ලෙසත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මුද්‍රණ කටයුතු සිදු කිරිම කෙරෙහි වෙනදාටත් වඩා වැඩි අවධානයක් යොමු කරන ඉල්ලමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක්ද යොමු කර තිබේ.

 

Rate this item
(0 votes)