May 20, 2024

නවීන්ට එරෙහිව රහස් පොලීසියට පැමිණිල්ලක් (VIDEO)

තමන් ආණ්ඩුව තුල රදවා ගැනීමට කිසියම් පුද්ගලයෙකු විසින් රුපියල් මිලියන සියයක මුදලක් ලබා දීමට උත්සාහ කළ බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊයේ (4) පැවති  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නවීන් දිසානායක මහතා කර ඇති චෝදනාව ඉතා බරපතළ බවත් ඔහුට යම් පුද්ගලයකු අල්ලස් දීමට උත්සාහ කළේ නම් ඒ පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් නොකර තොරතුරු සඟවා තබා ගැනීම ද බරපතළ වරදක් බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය

Rate this item
(0 votes)