May 20, 2024

දෙරණ චතුර සොයා ‘පොලිසිය’ අද දෙරණට

'දෙරණ' රූපවාහිනි නාළිකාවේ  විකාශය වූ 'වාද පිටිය' දේශපාලන වැඩසටහන අතරතුරදීක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබා දුන් දුරකතන ඇමතුමසම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා වැඩසටහන ඉදිරිපත් කළ චතුර අල්විස් මහතා හමුවීමට විශේෂ විමර්ශන කණ්ඩායම සූදානම් වෙයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශනමෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්අද දහවල් කාලයේ මේ සඳහා දෙරණ නාලිකාව වෙත පැමිණීමට නියමිතයි.

දෙරණ කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ,නිෂ්පාදක රංගනසෙනවිරත්න සහ සම්බන්ධිකාරක ඩිල්ෂාන් දොඩංගොඩ යන මහත්වරුන්ගෙන් මේ පිළිබඳව ඊයේ දිනයේදී ප්‍රශ්න කර කටඋත්තර සටහන් කරගෙන තිබේ.

එම වැඩසටහනට අදාළ වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(7 votes)
Last modified on Saturday, 06 December 2014 10:55