May 20, 2024

ආණ්ඩුව කෝට්ටේ දිනයි-තෙල්දෙනිය මැදදුම්බර පරදී

December 05, 2014
කෝට්ටේ මහ නගර සභාවේ ඊයේ පැවති අය-වැය ඡන්ද විමසීම ආණ්ඩු පක්ෂය 12ට 6ක් ලෙස ජය ගත්තේය.එහෙත් තෙල්දෙනිය මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ  අය-වැය වැඩි ඡන්ද එකකින් පරාජයට පත්ව ඇත. සභාපති සුනේත්‍රා ජයරත්න මහත්මිය විසින් 2015 වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත සංවර්ධන කටයුතු ආදායම් ලබා ගැනීම් පිළිබඳව යෝජනා ඇතුළත් අයවැය ලේඛනය ඉදිරිපත් කරන ලදී. එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම රජයෙන් ලබාදෙන යතුරුපැදි තමන්ට නොලැබීමට විරෝධය දක්‌වා රැස්‌වීමට කළු පටි පැළඳ පැමිණියහ.
 
ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන අසෝක සමරකෝන් රණසිංහ, විඡේකෝන්, ඩී. ජී. කුලරත්න, තුසිත ධර්මප්‍රිය, එස්‌. බී. හක්‌මන යන එ. ජ. නි. සංවිධාන මන්ත්‍රීවරු ද මහ සභා රැස්‌වීමට නොපැමිණියහ.
Rate this item
(0 votes)