May 19, 2024

වාද පිටිය කලබල කළ දුරකතන ඇමතුම දුන්නේ රන්ජන් (Video) 

'දෙරණ' රූපවාහිනි නාළිකාවේ පසුගිය 03 වැනිදා විකාශය වූ 'වාද පිටිය' දේශපාලන වැඩසටහන අතරතුරදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ජීවිතයට අපහාස වන ආකාරයට ඇමැතුමක් ලබා දුන් දුරකතන අංකය සම්බන්ධයෙන් මේවන විට සිදුකළ පරීක්ෂණයේදී එම දුරකතනය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට අයත් වූවක් බවට හෙළි වී ඇති බව වාර්තා වේ.

එහිදී රාත්‍රි 11.30ට පමණ ලැබුණු සජීවී දුරකතන ඇමැතුමකින් වැඩසටහනට සම්බන්ධ වුණු පුද්ගලයකු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ජීවිතයට පවා අපහාස වන අයුරින් මිනිත්තුවකට වඩා වැඩි කාලයක් කතා කරනු දැක ගන්න ලැබිණි. 

එමෙන්ම අදාළ ඇමැතුම සම්බන්ධයෙන් සොයා බැලීම පොලිසියට භාර කරන බවත්, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ අනුව අමාත්‍යවරයා එදින රාත්‍රි 12ට මිරිහාන පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. ඉන් අනතුරුව රහස් පොලිසියටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක මහතාටත් මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ (04) දිනයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකය විසින් කරනු ලැබූ පරීක්ෂණවලදී එම ඇමැතුම ලැබුණු අංකය 0712 781811 බවත්, එය රන්ජන් රාමනායක මහතාගේ නමට ලියාපදිංචි කොට ඇති බවත් අනාවරණය කරගෙන ඇත. එම අංකය ලියාපදිංචි කිරීමට ලබා දී ඇති ලිපිනය වශයෙන් සඳහන් වී ඇත්තේ 'රන්ජන් රාමනායක, අංක 4ඩී, පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය, මාදිවෙල, කෝට්ටේ' ලෙසය.

එමෙන්ම හැඳුනුම්පත් අංකය ලෙස 630710448ඍ යන අංකය හැඳුනුම්පතේ සඳහන් ලිපිනය ලෙස 26/9, සී. එස්. ඒ. පෙරේරා මාවත, මොරටුව යන ලිපිනයද සඳහන් වී තිබේ.

අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරමින් අදාළ දුරකතන ඇමැතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත්, ඔහුට විරුද්ධව අපහාස නඩුවක් පැවැරීමට තමා බලාපොරොත්තු වන බවත් සඳහන් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(3 votes)
Last modified on Friday, 05 December 2014 14:44