May 18, 2024

කතෝලික සභාව පාප් වහන්සේට එන්න එපා කියයි

December 04, 2014

පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  මැතිවරණව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාරය  කල් දමනලෙස ඉල්ලමින් මෙරට ඉහළ පෙළේ රෝමානු කතෝලික පුජකවරුන් කිහිප දෙනකු හා කතෝලිකයන්පිරිසක් වතිකානුවෙන් ඉල්ලීමක් කැර ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පතවාර්තා කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි කතෝලික පුවත්පතක් වන ‘මැසෙන්ජර්‘ පුවත්පතේ හිටපුසංස්කාරකවරයකු වන  හෙක්ටර් වෙල්ගම්පොල කියා සිටින්නේ මැතිවරණය සඳහාප්‍රදර්ශනය කැර ඇති ඇතැම් කටවුට්,මැතිවරණ  පුවරුවලින් පාප් වහන්සේ මහින්දරාජපක්ෂ මහතාට යළි ජනපති වීමට ආශිර්වාද කර ඇති බව විදහා දැක්වෙන බවයි.

පාප් වහන්සේගේ සංචාරය සිදු වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම කතෝලික ජනතාව වේදනාවට ලක් කළ බවත්,මැතිවරණය සඳහා ප්‍රදර්ශනය කර ඇති ඇතැම් කටවුට්වලින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය  වතිකානයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාවද නිරූලණය වන බවත් දකින්නට ලැබෙන බව වෙල්ගම්පොළ මහතා කියා ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස් ‘ වාර්තාවේ සඳහන්වේ.

එසේම කතෝලික සභාවේ බැතිමතුන් පිළිබද අධ්‍යක්ෂ ලියෝ පෙරේරා අග රද ගුරු  වෙතලිපියක් යොමු කරමින් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලනීකරණය වී ඇති බවහා මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වා දී තිබේ.

මේ නිසා මෙවන් වාතාවරණයක පාප් වහන්සේගේ පැමිණිම ආරක්ෂාවට මෙන්ම උන්වහන්සේගේ ප්‍රතිරූපයටද හානියක් යැයි  පෙන්වා දී ඇතැයි ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ වාර්තාවේ දැක්වේ.

මේ අතර කොළඹ අගරදගුරු,පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යොදාගත් පරිදි සිදුවන බව ස්ථීර කර ඇති බවද, ඉකුත් සඳුදා වන විට එකී පෝස්ටර්, කටවුට් ඉවත් කරන ලෙස දැනුම්දී ඇතැයිද සඳහන් කර ඇත.

Rate this item
(1 Vote)