May 18, 2024

රාජිතගේ බේරුවල නිවසට හොරු පනී - ෆයිල් 5ක් අතුරුදන්

December 04, 2014

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ බේරුවල හෙට්ටිමුල්ලේ පිහිටි දෙමහල් නිවසට සොරුන් ඇතුළු වී ඇතැයි වාර්තා වේ. 

අමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි පැකට් පහක්, අයිපෑඩයක් හා ටැබ්ලට් පරිගණකයක් ද කන්නාඩියක් ද සොරා ගෙන ඇතැයි පොලිසිය පැවසී ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු මෙම හොරකම කරන්නට ඇතැයි මේවන විට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉඳ හිට මෙහි සිටන බව දැනගන්නට ඇති බවත් වාර්තා වේ.

එම නිවසට ඇතුළු සොරුන් පිටුපස ජනේලය කඩා ඇති බවත් එම නිවසේ  ජනෙල්වල සරනේරු 20ක් පමණ ගලවාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)