May 18, 2024

මහින්දගේ ජනපතිකම ඉල්ලා බණ්ඩාර නැමැත්තෙක්ගෙන් මෝසමක්

December 04, 2014

ජනාධිපතිධූරය තමන් සුදුසු බැවින් එම ධූරය තමන්ට ලබා දෙන ලෙස  සිංහල බෞද්ධ මහජන පක්ෂයේ නායක රත්න බණ්ඩාර මහතා අද(04) මෝසමක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා මෙම මෝසම සලකා බලමින් ප්‍රකාශ කර ඇත්තේ එම ඉල්ලීම අගය කරන බවත් මෝසම ප්‍රතික්ෂේප කරන බවත්ය.

ජනාධිපති බලතල හා 18වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිදු කර ඇති ව්‍යවස්ථා සංශෝධන අන්තර්ජාතික වශයෙන් උල්ලංඝණය කර ඇතැයි ඔහු එම මෝසම මගින් සඳහන් කර ඇත.

එම සංශෝධනය තුළින් විශ්වාස කඩ කිරීම හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට සුදුසු නොවන බවත් ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බවත් ඉන් පසු එම ධූරය සඳහා නම් කළ හැකි අගමැතිවරයා හා කතානායකවරයා ද 18 වැනි සංශෝධනයට සහය දුන් හෙයින් ඔවුන්ටද එම ධූරය සුදුසු නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

විපක්ෂ නායන රනිල් වික්‍රමසිංහ මහතාද විධායක ජනාධිපති ධූරය ගෙන ඒම තුළින් එම විශ්වාසය කඩ කර ඇති බැවින් ඔහුද ජනාධිපති ධූරයට සුදුසු නොවන බවත් ඒ වෙනුවෙන් තමන්ට ඉදිරිපත් විය හැකි බවත් එම මෝසම මගින් රත්න බණ්ඩාර මහතා සඳහන් කර ඇත.

මෙම කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා එම මෝසම ප්‍රතික්ෂේප කළේය.   

Rate this item
(0 votes)