May 18, 2024

ඉන්දීය සිරකරුවන් නිදහස ලැබෙන තෙක් මාරාන්තික උපවාසයේ

December 04, 2014

යාපනය බන්ධනාගාරයේ රදවාසිටින ඉන්දීය ධීවරයින් 38දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇතැයි යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙම උපවාසකරුවන් හමුවීමට ගිය යාපනයේ නිලධාරීන් ඔවුන්ට උපවාසය අත්හරින ලෙස කළ ඉල්ලීම අසාර්ථක වීමෙන් පසුව එම නිලධාරීන් ඒ බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත දැණුම් දී ඇත.

උපවාසකරුවන් යාපනයේ නිලධාරීන්ට පවසා ඇත්තේ සිය නිවෙස්වල හම්බකරණ එකම පිරිස තමන් පමණක් බැවින් ඔවුන්ව සිරභාරයට ලක්වීම නිසා එම පවුල් අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.මේ නිසා යාපනය බන්ධනාගාරය තුළ මියගියද තමන්ගේ උපවාසය අත් නොහරින බවද පවසා ඇත.

මරණීය දන්ඩනය පවා හිමිවුණු සිරකරුවන් නිදහස් කරද්දී මෙම ඉන්දීය ධීවරයින් 38 දෙනා පමණක් තවදුරටත් සිරභාරයේ තබා ගැනීම දැඩි අසාධාරණයක් බැවින් ඊට එරෙහිව තමන් වහාම නිදහස් කරණ මෙන් ඉල්ලා මෙම මාරාන්තික උපවාසය දියත් කරණ බවද උපවාසකරුවෝ ප්‍රකාශ කොට තිබේ.

වවුනියාව - දිනසේන රතුගමගේ

Rate this item
(0 votes)