May 18, 2024

මහාචාර්ය තිස්ස කාරියවසම් අභාවප්‍රාප්ත වෙයි

December 04, 2014
ප්‍රවීණ ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 
අද (04) පෙරවරු 10.00 ට පමණ කොළඹ මහ රෝහලේදී කාරියවසම් මහතා  ජීවිතක්ෂයට පත්වි ඇත. 
 
හෙතෙම මිය යන විට 72 වන වියේ පසුවූ කාරියවසම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවට පවුලේ ඥාතීන් විසින් මාධ්‍යට දැනුම් දී ඇත. 
 
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වූ තිස්ස කාරියවසම් මහතා ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශ ප‍්‍රධාන, ශාස්ත‍්‍ර පීඨාධිපති, වැඩබලන උප කුලපති, ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති වැනි තනතුරුද හොබවා තිබේ.
Rate this item
(0 votes)
Last modified on Thursday, 04 December 2014 13:31