May 18, 2024

මෛත්‍රී ඇතුලු මන්ත්‍රීවරු 6කට විනය ක්‍රියාමාර්ග

December 04, 2014

ආණ්ඩුවෙන් ඉවත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

එම කාරක සභාව ඊයේ (03) රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06දෙනෙකු හා පළාත් හිටපු අමාත්‍යවරයෙකුට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට එම කාරක සභාවේදී තීරණය වී ඇත.    

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, නවීන් දිසානායක, වසන්ත සේනානායක සහ පේෂල ජයරත්න යන මහත්වරුන්ට එරෙහිව මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.  

පක්ෂ විනය කඩකළ පළාත් සභා හා පළාත් පාලන නියෝජීතයින් සම්බන්ධව ද එහිදී තීරණයක් ගත් බව ෆවුසි මහතා සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයටද සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය හිමි වේ.

Rate this item
(0 votes)